SPORTS

සුසන්තිකා ජයසිංහට ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේ තනතුරක්

d234a453ebc0070eb2df7fa86c6555ad_XL_CIඔලිම්පික් රිදී පදක්කම් ලාභී මළල ක්‍රීඩිකා  සුසන්තිකා ජයසිංහ ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත් කර තිබේ.

සුසන්තිකා ජයසිංහ මහත්මියට ජාත්‍යන්තර  තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිඹඳ උපදේශක තනතුරට පත්කිරීමේ පත්වීම ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රීඩා අමාත්‍යංශයේදී  ප්‍රධානය කරන ලදී .

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.