SRILANKAN NEWS

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හමුදාව සතුව තිබෙන ඉඩම්වල තොරතුරු ඉල්ලයි..

උතුරේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ඉඩම් ගැන තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කොඨාශයට ඇතුලත්ව අතුරුදන්වූවන්ගේ තොරතුරු ලබා දෙන්නැයි, තරුණ සංවිධානයක් විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා තිබේ.

වව්නියාවේ සිට ක්‍රියාත්මක වන තරුණ ජාලයක් විසින් මෙලෙස උතුරු පළාතේ ඇති ප්‍රදේශිය ලේකම් කාර්‍යාල 34කට සඳුදා (19) දින තොරතුරු දැනගැනීමේ අයඳුම්පත් තැපැල් කර තිබේ.

ඉකුත් අයඳුම්පතය මඟින්, ප්‍රදේශිය ලේකම් කොඨාශයෙහි හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ඉඩම් ප්‍රමාණය, ඉඩම් අයිතිකරුවන්ගේ නම් සහ ලිපිනය, වෙනත් පුද්ගලයන් විසින් අත්පත්කරගෙන සිටින රාජ්‍ය ඉඩම්වල ප්‍රමාණය, හමුදාව විසින් ඉඩම් අත්පත් කරගැනීම නිසා ඉඩම් අහිමිවූවන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, ලිපිනය සහ ග්‍රාම සේවා වසම යන තොරතුරු ඉඩම් පවරා ගැනීම සම්බන්‍ධ තොරතුරු දැන ගැනීම සඳහා ඉල්ලා තිබේ.

තවද, ඉකුත් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය යටතේ පවතින ප්‍රදේශවල අතුරුදන්වූවන්ගේ නම්, ලිපිනය, සහ ඔවුන්ගේ ඥාතීන්ව සම්බන්‍ධ කරගත හැකි අංකයද ග්‍රාම සේවා වසම යටතේ ලබා දෙන ලෙසත්, ඉකුත් පවුල්වල දැනට සිටින ගෘහ මූලිකයාගේ නම සහ පවුලේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව ද ලබා දෙන ලෙස එම තරුණ සංවිධානය ඉල්ලා තිබේ.