පළාත් සභා බලතල නැවත පවරා ගැනීමේ උත්සාහයක් ..

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත පැවරීමට නියමිත ඇතැම් බලතල ආපසු පවරාගැනීමේ ක්‍රියාවලියක් දියත් වෙමින් පවතින බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

මේ පිළිබදව අදහස් දක්වමින් ඒකනායක මහතා සදහන් කර ඇත්තේ එම උත්සාහයේ නිරත වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත ලබාදී ඇති බලතල ද ප්‍රමාණවත් නොවන වාතාවරණයක් තුළ මෙවැනි උත්සාහයන් පිළිගත නොහැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top