රජය හා ගෝලීය දෙමළ සංසදය එක්වී කටයුතු කිරීමට තීරණය කරයි ?

රජය හා ගෝලීය දෙමළ සංසදය එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබේ. ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය සහ ශ්‍රී ලංකා රජය එක්වී කටයුතු කිරීමට තීරණය කර ඇති බව පැවැසේ.

ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර පසුගියදා ජිනීවා නුවරදී සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. ප්‍රායෝගික විමර්ශණ සමඟ ශ්‍රී ලංකා රජය සමඟ එක්වී කටයුතු කිරීමට නියමිත බව පවසා සිටි ගෝලීය දෙමළ සංසදයේ සභාපති ඉමානුවේල් පියතුමන් අපරාධ ක්‍රියාවලට වගවීම ඇතුළු කරුණු සම්බන්‍ධයෙන් තෘප්තියට පත්විය නොහැකි බවත්, කෙසේ නමුත් බලාපොරොත්තු බිඳවැටී නොමැති බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top