පිල්ලෙයාන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි..

හිටපු නැගෙනහිර මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලෙයියාන් නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් විසින් ඉදිරිපත් කළ ඇප අයදුම මඩකළපුව මහාධිකරණය අද ප්‍රතික්‍ෂේප කළ අතර, ඔහුව ලබන මැයි මස 4වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස ද නියෝග කර තිබේ.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top