SRILANKAN NEWS

ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

සෑම නගරයකම නව ඔසුසැල් විවෘත කිරීම හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරවලට බාධා පැමිණ ඇති බවත්, ඇතැම් ඔසුසැල්වල ඖෂධවේදීන් නොමැති අතර, ඖෂධ අලෙවියේදී ඇතමුන් ජාවාරම් සිදුකරන බවට ඖෂධ ශාලා හිමියන් විසින් අමාත්‍යවරයා වෙත පෙන්වාදීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා දිවයින පුරා පිහිටි ඔසුසැල් සංගණයක් සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය යළි ආරම්භ කිරීම ගැන ඉදිරියේදී තීරණය කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.