SRILANKAN NEWS

අපගේ පාරම්පරික ඉඩම් ලබා දෙන්න නැතිනම් අපිව රටින් පිටුවහල් කරන්න! – කේප්පාපිලවු ජනතාව

‘අපගේ පාරම්පරික ඉඩම්වලට වන්දි මුදල් එපා, අපට අපගේ පාරම්පරික ඉඩම් යළි ලබා දෙන්න, නැතිනම් අපිව රටින් පිටුවහල් කරන්න‘ යැයි විරෝධතා ව්‍යාපරයේ නිරතව සිටින කේප්පාපිලවු ජනතාව පවසති.

කේප්පාපිලවු ජනතාවගේ පාරම්පරික ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු ජනතාව විසින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරය අද 10වන දිනටත් පැවැත්වේ.

යහපාලනය රජය බලයට පත්වීමෙන් පසු උතුර නැගෙනහිර පළාත්වල හමුදාව විසින් අත්පත් කළ අක්කර 6 දාහකට අධික ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව පවසනවා, එලෙස අපගේ පාරම්පරික ඉඩම්ද නිදහස් කරන්න, අපගේ ඉඩම්වලට වන්දි මුදලක් ලබා දෙන බව පවසනවා, අපිට වන්දි මුදල් එපා ඉඩම නිදහස් කර දෙන්නැයි එම ජනතාව පවසා තිබේ.

කේප්පාපිලවු ප්‍රදේශයේ අක්කර 482ක ජනතා ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පවුල් 138ක ජනතාව පසුගිය 1 වනදා සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.