දකුණු කොරියානු විදේශ කටයුතු ඇමැති ශ්‍රී ලංකාවට

නිළ සංචාරයක් සඳහා දකුණු කොරියානු විදේශ කටයුතු ඇමැති (Yun Byung-se) යුන් බියුන්ග්සේ මහතා හෙට දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර වූ රාජ්‍යතාන්ත්‍රික සම්බන්‍ධාවෙහි 40 වන සංවත්සරය නිමිත්තෙන් මෙම සංචාරය සිදුකරන බව වාර්තාවේ. වසර 31කට පසු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයකු දිවයිනට පැමිණීම විශේෂත්වයකි.

දිවයිනට පැමිණෙන කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු නිළධාරීන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා කිහිපයක් පැවැත්විමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top