ඊ.පී.ඩී.පී. පමණක් නොව කව්රුන් මානව හිමිකම් උල්ලංඝණය කළත් දඞුවම් ලබාදිය යුතුයි – මු. චන්ද්‍රකුමාර්

ඊ.පී.ඩී.පී. පමණක් නොව කව්රුන් මානව හිමිකම් උල්ලංඝණය කළත් දඞුවම් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී මුරුකේසු චන්ද්‍රකුමාර් පවසයි.

අද අඟහරුවාදා දින අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් කිලිනොච්චියේ පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් සංවිධාන තුනක නියෝජිතයන් එහි පැමිණ සිටි අතර, එහිදී සමානතා සහ සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සංවිධායක මුරුකේසු චන්ද්‍රකුමාර් මහතා මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මේ බව පවසා සිටියේය.

ඔබතුමා මීට පෙර ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබෙනවා, අතුරුදන්වූවන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු විසින් පුද්ගලයන් අතුරුදන්වීමට ඊ.පී.ඩී.පී පක්‍ෂය ද සම්බන්‍ධ බවට චෝදනා කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ඔබතුමන්ගේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මුරුකේසු චන්ද්‍රකුමාර් මේ බව පවසා සිටියේය.

ඊ.පී.ඩී.පී. පක්‍ෂයට දැන් මම සම්බන්‍ධ නැහැ එමෙන් ඊ.පී.ඩී.පී. පාර්ශවයෙන් මට එයට පිළිතුරු ලබාදිය නොහැක. නමුත් ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ සිටි අය එවැනි කාරණාවලට සම්බන්‍ධ නම් ඔවුන්ට දඞුවම් ලබාදිය යුතු බව මම ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ කටයුතු කළ කාලයේදී සිටම අවධාරණ කළ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top