එල්.ටී.ටී.ඊ. යට මුදල් එක්රැස් කළ අයට දඞුවම් නොදිය යුතුයි යන ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි..

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කළ පුද්ගලයන්ට දඞුවම් නොදිය යුතු යැයි කළ ඉල්ලීම යුරෝපා සංගමේ අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කළ පුද්ගලයන්ව ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන බලපෑම් නොකළ යුතු යැයි ඉල්ලා නෙදර්ලන්තයේ සිවි දෙනෙකු විසින් පෙත්සමක් ගොනු කර තිබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කළැයි චෝදනා මත ඔවුන්ගේ දේපළ සියල්ල රාජසන්තක කර තිබුණි. කොටි සංවිධානය ජාත්‍යන්තර මානුෂික නිතීය යටතේ හැර, ත්‍රස්ත මර්ධන නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග නොගත යුතු යැයි එම සිවි දෙනා පාර්ශවයෙන් ඉල්ලා තිබුණි. කෙසේ නමුත් යුරෝපා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top