උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් අද (20) වරෙන්තු නිකුත් කර තිබේ.

කිරුළපන, ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තුළින් අවට ජනතාවට දැඩි හිරිහැර සිදුවන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද නඩුව අද කැඳවා තිබුණි.

පසුගිය නඩු වාරයේදී පොරොන්දු වුවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරේන්තු නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top