සීඝ්‍ර‍තම වර්ධනය ළඟා කරගත් දෙවැනි වරාය කොළඹ වරායයි – අර්ජුන රණතුංග

බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර සීඝ්‍ර‍තම වර්ධනය ළඟා කරගත් දෙවැනි වරාය කොළඹ වරාය බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එම වර්ධනය 10.6% ක් බවට සටහන් වී ඇති බව හෙතෙම පවසා තිබේ.

මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවේ සමුද්‍රීය දින සම්මන්ත්‍ර‍ණය අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

දැන් ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් සාමකාමී වාතාවරණයක් පවතින බවත්, රජය සහ ආයෝජකයින් අතර මිත්‍ර‍ශීලී සබඳතාවක්ද පවතින හෙයින් ආයෝජකයන්ට කොළඹ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වාණිජ වරායන්හි ආයෝජනය සඳහා විශේෂ අවධානයක් යොමු කළ හැකි බවත්, එවැනි ආයෝජන අවස්ථාවන් ගැන සොයා බැලීමට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි විවෘතව ආරාධනා කර සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top