දෙමළ ජනතාව ඉවසීමේ සීමාව පසුකරලා – දෙ.ජා.ස.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කළ යෝජනාව දෙමළ ජාතික සන්ධානය පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 34/1 යෝජනාව පිළිගන්නා බව පවසා තිබේ.

2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයදී සම්මත කළ යෝජනා සියල්ල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නැයි මෙම නව යෝජනාව මඟින් ඉල්ලා ඇති බවත්, සීමිත කාල වකවානුවක් තුළ එම යෝජනා ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කර ඇති කොන්දේසිය අගය කළ යුතු යැයි පවසා තිබේ.

ඉඩම් නිදහස් කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස, අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම, ඇතුළු කරුණු කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව සඳහන් කර තිබේ.

දෙමළ ජනතාව තම ඉවසීමේ සීමාව පසුකර ඇති බවත්, ඔවුන්ගේ ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බව පවසා ඇති දෙමළ ජාතික සන්ධානය, ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ සහාය අගය කරන බවද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top