ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර ඇති බව පැවැසේ.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් (Tung-Lai Margue) මහතා ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබේ.
ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකෙසෙමින් පවතින බවත්, තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහය ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පවසා තිබේ.
යුරෝපා ආයෝජන බැංකුවේ නව උපසභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් (Andrew McDowell) මහතා ඇතුළු දූත පිරිස දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමන් ඊට අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කළ අතර ඊයේ පස්වරුවේ ඔවුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සාකච්ඡා කර ද තිබේ.
Add Comment