මන්නාරම රදගුරු විරෝධතාවයෙහි නිරත මුල්ලිකුලම් ජනතාව හමුවෙයි..

මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලිකුලම් ගම්මානයේ ජනතාව තම පාරම්පරික ඉඩම්වල රැඳී සිටින නාවික හමුදාව ඉවත්විය යුතු යැයි අදට 7 වන දිනටත් විරෝධතාවයේ නිරතව සිටින අතර, මන්නාරම දිස්ත්‍රික්ක රදගුරු ජෝසෆ් නිංස්ලි සුවාම්පිල්ලේ පියතුමන් ඊයේ දින එම ජනතාව හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී මෙම ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් අදාළ බළධාරීන්ව දැනුවත් කර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවද රදගුරුවරයා පවසා තිබේ. තවද මන්නාරම දිස්ත්‍රික්ක ගුරු ප්‍රධානි අන්ටැනි වික්ටර් සූසයි පියතුමන් ඇතුළු පිරිස නාවික හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ජනතාවගේ ඉඩම් ගැන එම ප්‍රදේශයට ගොස් සොයා බලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top