කොටුව බෝම්බ ප්‍රහාරයට වරදකුරු වූ පුද්ගලයාට විසි වසරක සිරදඬුවමක්

2008 දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දුන්නේ යයි චෝදනා ලබා සිටි පුද්ගලයකුට කොළඹ විශේෂ මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබේ.

කනකසබයි දේවදාසන් හෙවත් නාදන් නැමැත්තාට මෙලෙස කොළඹ විශේෂ මහාධිකරණය විසින් දඞුවම් නියම කර තිබේ.

2008 වසරේ පෙබරවාරි මස 03 වන දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා අදාළ ප්‍රහාරය සිදුකර තිබු අතර එහිදි කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. කොටි සංවිධානයේ මරාගෙන මැරෙන කාන්තා කොටි සාමාජිකාවක් විසින් එම ප්‍රහාරය සිදු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top