අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් 8 වැනිදාට..

පනස් වැනි අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝසමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 8 වැනි දින උත්සවාකාරයෙන් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කැර ඇති බවත් තමන් නෙලා ගත් අස්වැන්නේ අග්‍රස්ථ කොටස රැගෙන අලුත් සහල් මංගල්‍යයට සහභාගී වන ලෙස සමස්ථ ගොවි ගෙවිලියන්ට විවෘතව ආරාධනා කරන බව කෘෂීකර්ම අැමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

අප්‍රේල් මස 7 වැනි දින ජය ශ්‍රී මහා බෝසමිදුන් අභියසදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා අප්‍රේල් මස 8 වැනි දින ජනපතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ.

ඉතිහාසයේ සිටම අස්වැන්නේ මුල් කොටස බුදුන්ට දෙවියන්ට පූජා කිරීම සිදු වෙලා තියෙනවා. එය අපේ චාරිත්‍රයක් .නමුත් මේ දේවල් දැන් දැන් අපෙන් ඈත් වේගන යනවා.

ගොවිතැන කියන්නේ බුදුන්ට දෙවියන්ට මුල් තැන දී සිදු කරන ජීවන වෘත්තියක්.ඉතිහාසයේ සිටම බුදුන් වෙනුවෙන් අලුත් සහල් මංගල්‍යයන් දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම් අපේ ගොවි ජනතාව සිදු කරලා තියෙනවා.

ගොවි ජනතාවගේ උතුම්ම හා ප්‍රධානම උත්සවය අලුත් සහල් මංගල්‍ය.ගොවිතැන් කර නෙලාගන්නා අස්වැන්නේ මුල් කොටස බුදුරදුන් වෙත පූජා කිරීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම අතීතයේ සිට පැවත එන සිරිතක් බැවින් මෙරට සියළු ගොවීන්ට අලුත් සහල් මංගල්‍යය සඳහා සහභාගී වන ලෙස වීවෘතව ආරාධනා කරන බව අැමැතිවරයා පැවසීය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මත කෘෂිකර්ම අමාත්‍යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත් සභාව ඇතුළු රාජ්‍යය ආයතන රැසක දායකත්වයෙන් මෙම උත්සවය පැවත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top