අළුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවයක්..

එළඹෙන සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද සදහා සිය ගම් බිම් බලා ගමන් කරන මගීන්ගේ පහසුව සදහා ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ දුම්රිය සහ බස් සේවාවන් ක්‍රියාත්මක කර අැති බව ‍දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කර සිටියි.

ඊයේ දින සිට ලබන 09,12 සහ 16 යන දින වලදී උදෑසන 11.30 ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා සහ මෙම මස 08,10,13 සහ 17 යන දිනවලදී පෙරවරු 08.30 ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා අැති බව දුම්රිය දෙපාර්තමෙන්තු අාරංචි මාර්ග පවසා සිටියි.

එමෙන්ම අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා සහ මරදාන සිට දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 08 ක් ක්‍රියාත්මක කරන බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසා සිටින්නේ අළුත් අවුරුද්ද නිමිති කරගනිමින් විශේෂ බස් රථ 3600 ක් කොළඹ සහ දුර බැහැර ප්‍රදේශවලට යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top