මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. කුඩා ළමුන් සහ කාන්තාවන් ද ඒ අතර වෙයි.
මේ අතර කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විපතට පත් වූ පවුල් 180කට පමණ අයත් පුද්ගලයන් 625 දෙනෙකු පමණ සුබ සාධන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.
විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් යොදවා ඇති බවයි.
මෙම විපතින් මරණයට පත්වුවන්ගේ අවමඟුල් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවද එම අමාත්‍යංශ්‍ය වැඩි දුරටත් සදහන් කර ඇත.
ඊට අමතරව මේ වන විට ආපදාවට ලක්වූ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිත අතර අවදානම් කලාපවල සිටින ජනතාව හඳුනාගෙන ඔවුන් සඳහා ද සුරක්ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ කටයුතු ද සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
Add Comment