SRILANKAN NEWS

යුද අපරාධ පරීක්‍ෂණවලට විදේශ විනිසුරුවරුන් අවශ්‍ය නැහැ – ඩි.එම්. ස්වාමිනාදන්

ශ්‍රී ලංකාවේ සිඳු වූ බව කියන යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු දේශිය විනිසුරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසා තිබේ. තමිල්නාඩුවේ සංචාරයක නිරත ඒ මහතා එහි මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මේ බව පවසා තිබේ.

යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට අවශ්‍ය සියළු සම්පත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියතුල තිබෙන බවත්, විදේශ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවයක් නොමැති අතර, ජනාධිපති සහ අගමැතිවරයා රටේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද පවසා තිබේ.

තවද මෙතෙක් ඉඩම් අක්කර 5000ක් නිදහස් කර ඇති බවත්, ඉදිරියේදී තවත් ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.