SRILANKAN NEWS

අතුරුදන්වූවන් කාර්යාලය පිළිබඳ පනත ගැන ජනාධිපති විසින් කඩිනමින් තීරණයක් ගැනු ලැබේ – ආරක්‍ෂක ලේකම්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම සම්බන්‍ධයෙන් අදාළ පනත ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කඩිනමින් තීරණයක් ගනු ඇතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටියාරච්චි මහතා පවසයි.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම සම්බන්‍ධයෙන් අදාළ පනත පසුගිය වසර අවසානයේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර සම්මත කෙරුණි. එහි සඳහන් වූ ඇතැම් කරුණු සම්බන්‍ධයෙන් ආරක්‍ෂක අංශයේ විසින් විරෝධය පළ කර තිබුණි.

මේ සම්බන්‍ධයෙන් තමන්ට ඇති විරෝධය ඇතුලත් පිටු 15කින් යුතු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවත් එයට කඩිනමින් පිළිතුරු ලබා දෙන බව ජනාධිපතිවරයා පැවැසූ බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.