SRILANKAN NEWS

ආණ්ඩුවේ විසඳුම් ගැන ජනපතිගෙන් ලිඛිත පොරෝන්දුවක් අවශ්‍යයි

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුව විසින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාසමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ලබාදුන් විසඳුම් රාජයේ ප්‍රතිපත්ති සමග ගැටෙන බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බව වෘත්තීය සමිති ඉල්ලා තිබේ.

චීන වරාය තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට (IOC) පවරා දීම වහාම නවතන ලෙසත්, හම්බන්තොට වරායේ තෙල් ටැංකි ශ්‍රී ලංකා රජය සතුව දිගටම පවත්වාගෙන යන ලෙසත්, අබලන් තෙල් පිරිපහදුව නවීකරණයට කඩිනමින් මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළේ ය.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් සේවකයන්ට සෑහීමකට හැකි ලිඛිත පොරෝන්දුවක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තුවන බවත් ඒ වනතුරු සිය වැඩ වර්ජන දිගටම ගෙන යාම සඳහා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුව තීරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍ර ලක්බිම