ලංකාවට ජී.එස්.පී. ලබාදීම මානව හිමිකම් උල්ලංඝණයට සම්මානයක් ලබාදීමට සමානයි

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. පිලස් සහනය ලබාදීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ කටයුතුවලට සම්මානයක් ලබාදීමට සමාන ක්‍රියාවක් බව මානව හිමිකම් සංවිධාන කිහිපයක් චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කටයුතුවල නිසි උනන්දුවක් පෙන්වීමට අපොහොසත් වන්නේ නම් ජී.එස්.පී. සහනය ලබා නොදිය යුතු යැයි ඔවුන් පවසා තිබේ. මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්වී මෙලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

නිසි කාල වකවානුවක් තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳව යහපත් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වුයේ නම් යුරෝපා සංගම ජි.එස්.පී. සහනය ලබා නොදිය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ යෝජනාවන් අනිවාර්‍යන් ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top