චීන නියෝජිත පිරිසක් කතානායක හමුවෙයි

චීනයේ කීර්තිමත් ජන නායකයෙකු වූ චෞ එන් ලායි අගමැතිවරයා ජීවත් වූ ප්‍රදේශයේ වත්මන් නගරාධිපතිවරයා ඇතුලු නියෝජිත පිරිසක් ද ගෙවුනු සතියේ කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු සංකීරණයේ දී  හමු විය.

මෙහිදී, ස්වකීය පුර්වගාමියා වූ චෞ එන් ලායි අනුස්මරණය කරමින් ශ්‍රී ලංකාවේ එක් ගම්මානයක් සමග බද්ධ වෙමින් සිය දියුණු සංවර්ධන අත්දැකීම් සහ සංස්කෘතික සම්බන්ධතා හුවමාරු කර ගැනීමට චීන නියෝජිත පිරිස කැමැත්ත පළ කළහ.

 චීනයේ පළමු අගමැතිවරයා වූ චෞ එන් ලායි මහතා අනුස්මරණය කරමින් සබදතා ගොඩනැංවීමට සුදුසුම ගම් ප්‍රදේශය වන්නේ ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයාගේ ගම වූ මීරිගම ප්‍රදේශය බව පෙන්වා දුන් කථානායකවරයා එම අවස්ථාවේදීම ඒ සදහා අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩ නැංවීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top