අතුරුදන්වූවන් නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියදී මැයි දිනය සමරයි..

අතුරුදන්වූවන්ව නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියදී තමිලරසු පක්‍ෂය විසින් මැයි දින සැමරුම පවත්වා තිබේ. පෙරවරු නවයට කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට ආරම්භ කළ මැයි දින පාගමන ඩිපෝ හංදිය දක්වා ගොස් එහිදී මහ රැස්වීම පවත්වා තිබේ.

අතුරුදන්වූවන්ගේ නිදහස තේමාකරගත් තමිලරසු පක්‍ෂයේ ඉකුත් පාගමනේදී අතුරුදන්වූවන් සහ දේශපාලන සිරකරුවන්ව නිරූපණය කරන අයුරින් රිය පෙළක්ද දැක්නට ලැබුණි. මෙම මැයි දින රැලියට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන්, සාන්දි ක්‍රිස්කන්දරාජා, සිවඥානම් සිරිදරන්, උතුරු පළාත් අධ්‍යපාන ඇමැති කුරුකුලරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපදිපිල්ලේ ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිය ගණනක්ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top