කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා එහි රැඳී සිට තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා අද (01) දින සත්යග්රහයක් ආරම්භ කර තිබෙනවා.
1992 වසරේ අවතැන්ව ගිය ඉකුත් ප්රදේශයේ ජනතාව දැනට ඉරනයිමාදා ප්රදේශයේ ජීවත්වනවා. 2009 වසරේ යුද්දය අවසන් වූ පසු තම පාරම්පරික ඉඩම්වලට යා යුතු යැයි එම ජනතාව අඛණ්ඩව ඉල්ලා සිටිනවා.
ග්රාමීය මට්ටමෙන් සහ පූනගරි ප්රාදේශිය ලේකම් කාර්යාලය, කිලිනොච්චිය දිස්ත්රික්ක ලේකම් කාර්යාලයදී පැවැති සාකච්ඡා රැස්වීමවලදී තමන්ව තම පාරම්පරික ඉඩම්වලට යාමට අවසර ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි අතර, කිලිනොච්චිය දිස්ත්රික්ක සම්බන්ධිකාරක කමිටු රැස්වීමේදී සහකාර නායකයන් විසින් ඉරනයිතීව්වලට යෑමට තීරණය කෙරුණි.
එයට නාවික හමුදාව අවසර ලබා නොදුන් බවට හේතු කාරණා පවසා තිබූ නමුත් දේශපාලකයන් කිහිප දෙනෙකු ඉරනයිතීව්වලට ගොස් පැමිණ ජනතාවට ඉරනයිතීව්ලට යාමට අවසරය ලබා දෙන බවට සහතිකවූහ. කෙසේ නමුත් එම පොරොන්දු සියල්ල ඉටු නොවීම හේතුවෙන් මැයි දිනය වන අද දින ඉරනයිතීව් ජනතාව සත්යග්රහයක් ආරම්භ කර තිබෙනවා..
Add Comment