SRILANKAN NEWS

මහින්ද පාලනය යළි ගෙන්වීමට සියළු දෙනාම සහයෝගය ලබාදිය යුතුයි – කරුණා අම්මාන්

දෙමළ දේශපාලන පක්‍ෂ ජාතිවාදය පවසමින් රටේ සාමය කඩාකප්පල් කිරීමට තැත් කරන බවත්, එය වහාම මැඩපැවැත්විය යුතු යැයි හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පවසයි.

කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලියට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා. දෙමළ ජාතිවාදී පක්‍ෂයන් පලවා හැරීමට තමන් අලුතින් පක්‍ෂයක් පිහිටුවා ඇති බවත්, එයට සියළු දෙනාම සහාය ලබාදිය යුතු බවද ඔහු ඉල්ලා තිබේ

තවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී සංවර්ධන කටයුතු රැසක් සිදු කළ බවත්, එවැනි සංවර්ධන කටයුතු ලොව කිසිඳු රාජ්‍ය නායකයෙකු විසින් සිදුකර නැති බවද කරුණා අම්මාන් පවසා තිබේ.

යුද්දය නිමා කළ මහින්ද රාජපක්‍ෂ තමයි රටතුල සාමය ඇති කළේ, ඔහුගේ පාලනය යළි ගෙන ඒමට සියළු දෙනාම සහාය ලබාදිය යුතු යැයි කරුණා අම්මාන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.