ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබේ.යුනෙස්කෝ සමුළුවේ නිර්දේශය මත 1993දී එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනයප්රකාශයට පත් කර තිබේ.මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ, “තීරණාත්මක අවස්ථා සඳහා තීරණාත්මක තීරණ” යන්න ය.
අප්‍රිකානූ මාධ්‍යවේදීන් නිදහස් මාධ්‍ය කලාව ප්‍රචලිත කිරීමේ අරමුණින් අප්‍රිකාවේ වින්ඩ්හෝක් නැමීබියා නුවරදී වින්හුක් ප්රකාශනය එළිදැක්වීම පාදක කර ගනිමින් මැයි 3 වන දා නිදහස් මාධ්‍ය දිනය ලෙස ලොව පුරා සමරනු ඇත.
ලෝක නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා පැවසූවේ, මාධ්‍යවේදීන්ට එරෙහි සියලු ආකාරයේ මර්දනයන් තුරන් කළ යුතු බව ය.
එසේ වුවහොත් සමස්ත සමාජයටම සාමය සහ සාධාරණය ළඟා කරගත හැකි බව ඔහු පෙන්වා දේ.මෙම දිනයේදී රටවල් මට්ටමින් මාධ්‍ය නිදහස ඇගයීමටත් ඒ වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති යළි යලි ත් සැමරීමේ අවශ්‍යතාවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය පණිවුඩය මගින් පෙන්වාදී තිබේ.
Add Comment