SRILANKAN NEWS

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ – රෙජ්නෝල්ඩ්

යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙලු රණවිරුවන් අද ජනතාව ජීවත් කිරීමට තම ලේ දන් දෙනවා උතුරේ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ඇගේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා යාපනයේදී කීවේය.

උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ උතුරු පලාත් 08 වැනි රණවිරු සැමරුම යාපනය පලාලි ගුවන් හමුදා කඳවුරේ පැවති අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම යුද සැමරුම් අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි , කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.කාරියකරවන මහතා සහ රණවිරු අධිකාරියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම රණවිරුවන්ද සහභාගී වී සිටි අතර පලාලි පිහිටි රණවිරු ස්මාර්කය අසලදී ආචාර පෙලපාලි හා පුෂ්පෝපහාරයන් පැවැත්විණි.

‘‘අද අපි මේ සැමරුම සමරන්නේ කුලයට,ජාතියට,ආගමට, ප්‍රදේශයක ජයග්‍රහනයක් විදිහට නෙමෙයි මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් විදිහටයි එදා රණවිරුවන්ට කරපු රාජකාරියට වැඩි යමක් කරන්න වෙලා අද රටේ ආර්ථිකය දියුණු කරන්නට කැප වෙන්න වෙලා.

ජනාධිපති තුමන්ට ලබුනු වරම තමයි අද මේ රටේ සංහිදියාව ගොඩනැගීම හමුදාවගේ නායකයා එතුමා හමුදාව කැප වෙන්නේ මේ සංහිදියාව වෙනුවෙනුයි. අද ආයුධ ඇතිව ආයුධ නැතිවා සේ මේ හමුදාව සිදු කරන කැප කිරීම ඉමහත් ප්‍රශංශනීයයි එදා ලේ හැලුවේ මේ රට ජාතිය වෙනුවෙන් අද ඒ බේරගත්ත ජනතාව ජීවත් කරන්න ලේ දන් දෙනවා. යැයි උතුරු ආණ්ඩුකාරවරයා පැවසීය.

-අද දෙරණ-