SRILANKAN NEWS

ඉන්දීය අගමැති අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අද (11) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම වෙසක් සැමරුම් ජාත්‍යන්තර සමුළුව හෙට (12) බණ්ඩාරනායක අනුස්මාණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ මහනුවර, හැටන් යන ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.