රාජකාරියේ යෙදී සිටියදී පිටකෝට්‌ටේ, එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානය ඉදිරියේ ඉදි කර අැති පක්‌ෂ ලාංජනය වන අලියාට වෙඩි තබා හානි කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයේ සිටි පොලිස් කොස්‌තාපල්වරයා ලබන 29 වනදා තෙක් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඊයේ (15) නියෝග කරන ලදී.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ඉල්ලීම පරිදි ඔහු අංගොඩ මානසික රෝහලේ 21 වැනි වාට්‌ටුවෙන් ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.