SRILANKAN NEWS

ඉන්දීය ගුරුවරු ගෙන්වීමේ තීරණයට ලංකා ගුරු සේවා සංගමයේ විරෝධය

වතුකරයේ පාසැල් වල ඉගැන්වීම් කටයුතු සදහා ඉන්දීය ගුරුවරුන් බදවා ගැනීමේ තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. මෙරට තුළ දැඩි ගුරු හිගයක් පවතින තත්ත්වයකදී මෙවැනි තීරණයක් ගැනීම අනුමත කළ නොහැකි බවද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.