ඩෙංගු මර්ධනය කිරීමට ඇති ගැටළු සම්බන්‍ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න – ජනපති

ඩෙංගු මර්දනයට ඇති ගැටලු පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඩෙංගු මර්දන කාර්ය සාධන බලකායේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර තිබේ.

ඩෙංගු මර්දනය සඳහා තම වගකීම ඉටු කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් මෙන්ම දේශපාලනඥයින්ගෙන් ද එක්විය යුතු බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව ඩෙංගු මර්දනය සඳහා වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි පළමු වනදා සිට මාස තුනක කාලයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top