යාපනය කයිට්ස් පුංකුඩතිව්හි සමූහ දූෂණයට ලක් වී ඝාතනය කෙරුණු සිවලෝගනාදන් විද්‍යා දැරියගේ නඩුව කොළඹ අධිකරණයකදී විභාග නොකොට යාපනය අධිකරණයකදීම විභාග කොට අවසන් කරන ලෙස ඉල්ලා පෙරේදා (15) පුන්කුඩතිව් පාසල ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.
විද්‍යා දැරිය ඉගෙනුම ලැබූ පාසල ඉදිරිපිටදී මෙසේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබ ඇත්තේ විද්‍යා දැරියගේ ගම්වාසීන් හා ඥාතීන් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින් පිරිසක් විසිනි.
මෙසේ සත්‍යග්‍රහයේ නිරත පිරිස් විසින් කියා සිටියේ 2015 වසරේ මැයි මස 13 වනදා සමූහ දූෂණයකට ලක්ව මිය ගිය විද්‍යා දැරියගේ ඝාතනයට සමබන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් දීර්ඝ කාලයක් තිස්සේ නඩු විමසීම සිදු කළද විසඳුමක් නොමැති අතර වරදකරුවන්ට ඉක්මන් දඬුවම් නියම කරන ලෙසටද උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටිති.
එමෙන්ම මේ වන විට විද්‍යා දැරියගේ නඩුව යාපනය මහාධිකරණයේ විභාග කිරීමට පියවර ගෙන ඇති අතරම අදාල නඩුව කොළඹ අධිකරණයකදී විභාග කිරීමට සූදානමක් ඇති බවට කරුණු හෙළි වී ඇති හෙයින් යාපනය මහාධිකරණයේදීම විශේෂ නඩුවක් වශයෙන් විභාග කොට අවසන් වන්නේ නම් උතුරේ ජනතාවට නීතිය කෙරෙහි යම් විශ්වාශයක් තබා ගැනීමට හැකකි බවටද එම වැසියෝ කියා සිටිති.
විද්‍යා දැරියගේ නඩුව විසඳීමට යම් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු සත්‍යග්‍රහය අවසන් නොකරන බවටද සත්‍යග්‍රහයේ නිරතවූවෝ වැඩිදුරටත් කියා සිටිති.
- thecolombopost
Add Comment