SRILANKAN NEWS

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටී 27 කට තුවාලයි

වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසල තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ගාලු පාරේ වැල්ලවත්ත ප්‍රදේශයේ මේ වනවිට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

මේ මොහොතේ එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා බේරාගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ ඇති බව මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් පවසයි.

ගිලන් රථ 10කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එම ස්ථානයට පැමිණ ඇති අතර බැංකෝ යන්ත්‍ර රැසක්ද එහි රැගෙන විත් තිබේ.

මාධ්‍යවේදීන්ට එම ස්ථානයට යාමට අවසර නොමැති අතර ඩ්‍රෝන යානාවක් යැවූ රූපවාහීනි නාලිකාවක මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය බැන වැදුණු බවද වාර්තා වේ.

පාසල් සිසුන් ඇතුළු සාමාන්‍ය ජනතාව එම ස්ථානය නැරඹීමට පැමිණීමෙන් මෙහෙයුම් කටයුතුවලට බාධා වන බැවින් එසේ පැමිණීමෙන් වළකින්නැයි පොලිසිය කියයි.

ඉදිකිරීම් වැඩ බිමේ සේවකයින් හා ඒ අසළ උත්සව ශාලාවක සේවකයින් පිරිසක් තුවාලකරුවන් අතර සිටින බව පැවසේ. ලොරියක් හා වෑන් රථයක් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී විනාශ වී ඇති බවද වාර්තා වේ.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇත.