යෝෂිතට රට යන්න අවසර

යෝෂිත රාජපක්ෂට ලබන 31 වන දින සිට මාස දෙකක කාලයක් ජපානයට සහ ඔස්ට්‍රේලියාවට යාමට කොළඹ මහාධිකරණයෙන් අද (23) දි අවසර ලබාදී තිබේ.

යෝෂිත රාජපක්ෂ විසින් අධිකරණයට ගොනු කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස අවසර ලබාදී තිබේ.

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා CSN නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාලව යෝෂිත රාජපක්ෂගෛ් විදෙස් ගමන් මීට පෙර තහනම් කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top