හෙරොයින් සමඟ සැකකරුවන් සිවිදෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

වත්තල , හැඳල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරු වයස අවුරුදු 34ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වත්තල පොලීසියට ලැබුණ තොරතුරකට අනුව දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකළා. එහිදී හෙරොයින් ග්‍රෑම් 4ක් ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. වැටලීම සිදුකෙරුණේ කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණ තොරතුරකට අනුවයි.

බොරැල්ල , සීවලීපුර ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් සැකකාරිය ළඟ තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. වයස අවුරුදු 35ක් පමණ වන අය බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලීසිය සඳහන් කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top