කටාර්හි ශ්‍රී ලංකා තානාපති යළි කැඳවීමට රජයේ තීරණය කරයි…

wm-karunadasaකටාර්හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස මහතා ‍වහාම ක්‍රියාත්මක වන පරිදි ‍මෙරටට කැඳවීමට රජය තීරණය කර ඇති බව වි‍දේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

කටාර් රාජ්‍යයේ ‍වෙ‍සෙන ශ්‍රී ලාංකිකයන් විසින් එහි තානාපතිවරයා සම්බන්‍ධයෙන් පැමිණිළි කළ චෝදනාවලට අනුව ඔහුව යැළි කැඳවීමට තීරණය කළ බවත්, එම චෝදනා සම්බන්‍ධයෙන් අවධානය ‍යොමුකර ලිඛිතව ඔහු ‍වෙත දැනුම් දුන් අතර, පෞද්ගලිකවම දුරකතන‍යෙන් අමතා දැනුවත් කළ බව ද එහි දී ‍යහපත් ප්‍රතිචාර ‍නොලැබුණු ‍පසු ජනාධිපතිවරයා‍ගේ උප‍දෙස් අනුව තානාපතිවරයා යළි කැඳවීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

කටාර් රාජ්‍යයේ ‍වෙ‍සෙන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පාසලක් සහ දහම් පාසලක් ‍සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා අනවශ්‍ය ආකාර‍යෙන් මැදිහත්වී ති‍බෙන අතර ‍මේ ‍හේතු‍වෙන් එරට ‍වෙ‍සෙන ශ්‍රී ලාංකිකයන් ඔහුව ඉවත්කරන ‍ලෙසට වි‍දේශ කටයුතු අමාත්‍යාංශයට දිගින් දිගටම දැනුවත් කර ඇති බව ද වාර්තාවේ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top