අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 202 දක්වා ඉහළට

පසුගිය දින කිහිපයක සිට දිස්ත්‍රික් කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 202ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
රත්නපුර පුද්ගලයන් 84ක්, කළුතර පුද්ගලයන් 62ක්, මාතර පුද්ගලයන් 28ක්, ගාල්ල පුද්ගලයන් 15ක්, ගම්පහ සහ කෑගල්ල පුද්ගලයන් 04දෙනෙකු බැගින් ද මිය ගොස් ඇත. එමෙන් ම පුද්ගලයන් 96දෙනෙකු අතුරුදන්ව ඇති අතර 63දෙනෙකු තුවාල ලබා ඇත.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 163, 701කට අයත් පුද්ගලයන් 629,743දෙනෙකු පීඩාවට පත් ව ඇත. නිවාස 1505ක් පූර්ණ වශයෙන් ද නිවාස 7617ක් අර්ධ වශයෙන් ද හානි වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top