දූපත් රාජ්‍යයන් අතරින් ආනාගතයේදී ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ එෆ් ඩී අයි සගරාව නිවේදනය කරනවා. දූපත් රාජ්‍ය 27ක් යොදා ගනිමින් එම සගරාව සිදුකළ ගවේෂණයකට අනුව හෙලිවී ඇත්තේ අනාගතයේ දී වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගා ගත හැකි සාධක පවතින රට ශ්‍රීලංකාව බවයි.
ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා ලොවට පෙන්වන 2017 ශ්‍රී ලංකා ආයෝජන සහ ව්‍යාපාරික සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ කෙරුණා. එෆ් ඩී අයි සගරාව සිදුකළ ගවේෂණයට අදාළ සහතිකය එම සගරාවේ උප කතෘ ජකොපෝ ඩෙට්ටොනයි ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා. අනතුරුව ජනාධිපතිතුමා විසින් එම සහතිකය අමාත්‍ය මංගල සමරවීර වෙත භාර දෙනු ලැබුවා. ශ්‍රී ලංකා ආයෝජන සහ වෙළෙද සමුළුව වාර්ෂිකව සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයයි.
දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් 23ක් නියෝජනය කරමින් ආයෝජකයින් 132 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වී සිටිනවා. අපනයන, නිශ්පාදන, කෘෂිකර්ම ,යටිතල පහසුකම් සංවර්ධනය ,අපනයන සේවා , දේශීය දැනුම් සේවා, විදුලි බල හා බලශක්ති සංචාරක ක්ෂේත්රය පිළිබද මෙහිදී ප්රමුඛ අවධානයක් යොමු කෙරෙනවා.
ශ්‍රී ලාංකීය සමාගම් නියෝජනය කරන ව්‍යාපාරිකයින් මෙන්ම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග ද සාකච්ඡා පැවැත්වීමට විදේශීය ආයෝජකයින්ට මෙහිදී අවස්ථාව උදාවනවා. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම , නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන අය ද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවටඑක්ව සිටියා.
Add Comment