මැලේසියානු ගුවන් යානයකදී බෝම්බ භීතියක් ඇති කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුට

තමන් සතුව බෝම්බයක් ඇති බව පවසමින් ගුවන් යානයක නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයෙකු හේතුවෙන් අදාළ යානය පැය භායක් පමණ ප්‍රමාද වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මැලේසියා ගුවන් සේවයට අයත් මෙම යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ගමන්කරමින් සිටියදීයි මෙය සිදුව තිබේ. එහිදී මෙල්බර්න් ගුවන් තොටුපොළට යානය හදිසියේ ගොඩ බස්වා සැකකරු අත්අඩංගුවට ගත් බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ. ඔහු සතුව කිසියම් ඉලෙට්‍රොනික උපකරණයක් තිබූ බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා. සැකකරු බීමත්ව සිට ඇති බවයි තවදුරටත් හෙළිව ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top