SRILANKAN NEWS

මැලේසියානු ගුවන් යානයකදී බෝම්බ භීතියක් ඇති කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුට

තමන් සතුව බෝම්බයක් ඇති බව පවසමින් ගුවන් යානයක නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයෙකු හේතුවෙන් අදාළ යානය පැය භායක් පමණ ප්‍රමාද වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මැලේසියා ගුවන් සේවයට අයත් මෙම යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ගමන්කරමින් සිටියදීයි මෙය සිදුව තිබේ. එහිදී මෙල්බර්න් ගුවන් තොටුපොළට යානය හදිසියේ ගොඩ බස්වා සැකකරු අත්අඩංගුවට ගත් බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ. ඔහු සතුව කිසියම් ඉලෙට්‍රොනික උපකරණයක් තිබූ බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා. සැකකරු බීමත්ව සිට ඇති බවයි තවදුරටත් හෙළිව ඇත්තේ.