යාපනය පුස්තකාලයට ගිනි තබා අදට වසර 36යි!

යාපනය පොදු පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධියට අදට වසර 36ක් අවසන්වීම සිහිපත් කර යාපනය පොදු පුස්තකාලය ඉදිරිපිට පහන් දැල්වීමේ කටයුතු සිදු කෙරුණි.

අද පෙරවරුවේ උතුරු පළාත් සභාවේ ප්‍රධානත්වයෙන් පහන් දැල්වීමේ කටයුතු සිදුකළ අතර, පුස්තකාලයට ගිනි තැබීමේ පුවත අසා හෘධාබාදයකින් මිය ගිය දෙමළ හිතෛෂි තාවීදු මැතිතුමන් සහ පුස්තකාලයේ නිර්මාතෘ සෙල්ලප්පා යන අය වෙනුවෙන් පුෂ්පෝපහාර සිදු කෙරුණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා සභාපති සි.වී.කේ. සිවඥානම්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සි. තවරාසා, එම්.කේ. සිවාජිලිංගම්, ආනන්දි සසිදරන්, පා. ගජදීපන්, වින්දන් කනකරත්තිනම් යන පිරිස සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top