SRILANKAN NEWS

විශේෂ අධිකරණය කෙරෙහි කලකිරීමට පත්වූ දෙමළ දේශපාලන රැඳවියන් ජනපති හා අගමැතිට ලිපියක් යවයි…

Letter - ලිපියක්කඩිනමින් නඩු විභාග කිරීමේ අරමුණින් පත්කළ විශේෂ අධිකරණය කෙරෙහි දෙමළ දේශපාලන රැඳවියන් කලකිරීමකට පත්වී සිටින අතර, තම තත්වය පැහැදිළි කර ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබේ.

31 දෙනෙකුගේ අත්සනින් යුතුව බන්‍ධනාගාර කොමසාරිස්වරයා හරහා යවන ලද එම ලිපියේ පිටපත් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන්, බන්‍ධනාගාර හා පුනරුත්ථාපන කටයුතු අමාත්‍ය ස්වාමිනාදන්, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, අගවිනිසුරු ශ්‍රීබවන්, නීති ආධාර කොමිෂන් සභාවේ ලේකම් යන මහත්වරුන්ට ද යවා තිබේ.

විශේෂ අධිකරණය ද සාමාන්‍ය අධිකරණ මෙන් විභාග කටයුතු කල් ප්‍රමාද කරන බවත්, රජය පාර්ශවයේ සාක්‍ෂි සාවද්‍ය බවත්, මේ සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිවීම ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් විශේෂ අධිකරණය කෙරෙහි තමන් කලකිරීමකට පත්ව සිටින බවට දෙමළ දේශපාලන රැඳවියන් සිය ලිපියෙහි සඳහන් කර ඇති බව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට යහපාලන රජය නිසි පියවරක් ගත යුතුයි. විශේෂ අධිකරණ කටයුතු නිසිලෙස ක්‍රියාත්මකවිය යුතුයි. නැතිනම් කලකිරීමකට පත්වූවන් අධිකරණ කටයුතු වර්ජනය කළ හැකි බව එම ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

– Global Tamil News – Sinhala