සුසන්තිකා ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරයි

තමන් සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කර ඇතැයි ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

තමන්ට හිමිව තිබූ ක්‍රීඩා උපදේශක තනතුරෙන් තමන්ව ඉවත් කිරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇතයිද ඒ නුව තමා මුහුණපා ඇති දැඩි ආර්ථික ගැටළු හේතුවෙන් සිය පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කර ඇතැයිද ඇය පවසයි.

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ රුපියල් 60,000ක මාසික වැටුපකට ක්‍රීඩා අමාත්‍යාංශයෙල් ලබා දුන් රැකියාවේ එම වැටුප සම්බන්ධයෙන් උරණවී ඇයි සේවයට වාර්ථා නොකරන බවයි.

සුසන්තිකා ජයසංහ මහත්මිය පවසන්නේ තමන්ට රැකියාව ලබාදුන්නද එම රැකියාවට අදාළ වැඩ පැවරීමක් සිදු කර නැති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top