ජනපති හෙට දින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව යාපනයේදී හමුවෙයි..

හෙට සඳුදා දින යාපනයේ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. එම සාකච්ඡා හමුව හෙට පස්වරු 2ට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් කිලිනොච්චිය ඒ9 මාර්ගය අවහිර කරමින් පසුගිය මැයි 30 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබුණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව ඉදිරි සති දෙකක කාලයක් තුළ හමුවී සාකච්ඡා කරන බවට පවසා තිබුණි. එ් අනුව හෙට දින ඉකුත් සාකච්ඡා හමුව පැවැත්වෙන බව පැවැසේ.

මේ අතර, යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී හෙට පෙරවරු 10ට යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනය හා නැවැත පදිංචිය සම්බන්‍ධ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා ද එයට සහභාගිවී වන බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top