ජනපති මුස්ලිම් මන්ත්‍රීවරුන්ව හමුවීම ප්‍රතික්‍ෂේප කරයි..?

මෑත කාලය තුළ සුළු ජාතික මුස්ලිම් ජනතාවට එරෙහිව සිඳුකරන ප්‍රචණ්ඩත්වය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වෙන්කර දෙන්නැයි මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් විසින් ලිඛිතව ඉල්ලා ඇති නමුත් මෙතෙක් ජනාධිපතිවරයාගෙන් එයට ප්‍රතිචාරයක් ලැබී නැති බව වාර්තාවේ.

මුස්ලිම් ආගමික ස්ථාන, හා මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරමින් සිදුකරන විනාශකාරී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන සාකච්ඡා කිරීම සඳහා සියළු දේශපාලන පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් පසුගිය මැයි මස 19 වනදා ඉකුත් ලිපිය භාරදී තිබේ. කෙසේ නමුත් සති තුනක් ගතවූ නමුත් ජනාධිපතිවරයාගෙන් එයට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top