දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ව්‍යාපාරයක්..

sighn - අත්සන්දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

වව්නියාව නගරයේදී ඊයේ දින මෙලෙස අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ කෙරුණි. දේශපාලන රැඳවියන් නිදහස් කිරීමේ සංවිධානය හා දෙමළ දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් මෙම අවස්ථාවට එක්වූහ.

අදාළ සන්දේශයට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව එය ජනාධිපති වෙත භාරදීමට ද නියමිතය. මෙම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා ද සහභාගිවූහ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top