SRILANKAN NEWS

උතුරු පළාත් මහ ඇමැතිට සහාය පළ කර යාපනයේ පාගමනක්

උතුරු පළාත් මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් යාපනය නල්ලූර් සිට මහ ඇමැති නිවස දක්වා පාගමනක් පවත්වා තිබේ. යාපනය නල්ලූර් සිට අද පෙරවරු 10ට පමණ ආරම්භ වූ පාගමන මහ ඇමැතිවරයාගේ නිවස දක්වා ගොස් මහ ඇමැතිවරයාට තම සහාය පළ කර තිබේ.