GSP+ ලබා ගැනීම සඳහා අගමැති බ්‍රසල්ස්‌ නුවරට

GSP+ ජිඑස්පිGSP+ බදු සහනය නැවත ලබා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා හෙට (16 ) බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර බලා පිටත්ව යැමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා සමඟ අග්‍රාමාත්‍ය කාර්ය මණ්‌ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වීමට නියමිතය.

GSP+ බදු සහනය නැවත ලබා ගැනීම සඳහා යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස්‌ මිෂෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තාවේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top