රවිරාජ් ඝාතන නඩුවට නාවික හමුදාවේ 3කට සිතාසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 04 වනදා සිට විභාග කිරීමට අභියාචනාධිකරණය අද (19) තීරණය කර තිබේ.

ඒ අනුව වගඋත්තරකාර නාවික හමුදා නිලධාරින් තිදෙනාට සිතාසි නිකුත් කිරීමටද අධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය ඒ සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගයෙන් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව රවිරාජ් මහතාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව කුමුදුණි වික්‍රමසිංහ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම විභාගයට ගැනීමට නියමිත ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොණුකර තිබියදී මහාධිකරණය විසින් ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීම නීති විරෝධි බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top